Wednesday, January 4, 2017

The Boxtroll:













2014 වලදී රීලීස් වුන Boxtroll කියන්නේ කාලෙකින් බලන්න හම්බවුන අපූරුම ඇනිමේශන් මූවි එකක්!බ්ර්ටිෂ් ඕතර් කෙනෙක් වෙන Alan Snow ගේ "Here be Monster"කියන පොත පාදක කරගෙන නිර්මාණය වුන Boxtroll ,Graham Annable,Anthony Stacchi දෙන්නගේ අධ්‍යක්ෂණයක්!මූවි එක හදන්නේ" laika"ඇනිමේෂන් ස්ටුඩියෝව.
මීට කලින් 2009 දී මේගොල්ලො හදන "Coraline"සහ 2012 දී හදන "ParaNorman" කියන මූවීස් දෙක Oscar වලටත් නොමිනි වෙනවා. "ගොතික්"පැත්තට බර මූවීස් හදන"laika" ටිකක් වෙනස් විදිහට ඇනිමේශන් කරන කට්ටියක්.සාමාන් CGI තාක්ෂණය වෙනුවට එයාල යොදා ගන්නේ "Stop-motion"කියන තාක්ෂණය.මූවී "කැරැක්ටර් ඇන්ඩ් සෙට්"සේරම අතින් හදල හැම දර්ශනයක් වෙනම රෑප ගත කරල පස්සේ  පරිඝනක සජීවිකරණය කරන්නේ!ඒක සාමාන් ඇනිමේශන් ෆිල්ම් එකකට වඩා කාලය සහ මිනිස් ශ්රමය වැයවෙන ලොකු වැඩක්!හැබැයි අන්තිමට එලියට එන මූවි එක ප්රේක්ෂකයාට දෙන්නෙ අමුතුම රසවින්දනයක්!

Boxtroll කතාව පැත්තට හැරුනොත්,1800 ගනන් වලකිරි ආශ්රිත නිෂ්පාදනය වලින් එහෙමත් නැත්තම් "චීස්"වලින් සශ්රික "cheesbridge"කියන කුඩා නගරයක් තියෙනවා.මේ නගරෙයේ සාමාන් ජනතාව "රෙඩ් හැට්ස්"ලෙසත් උසස් පාලක පන්තිය"වයිට් හැට්ස්"ලෙසත් හදුන්වනවා.වයිට් හැට්ස් ලගේ ලොක්කා,නගරයේ මේයර් lord Portly-Rind(Actor Jared Harris).ඔහුගේ දියණිය මිස් Winnie Portly-Raind(Actress Elle Fanning ).මේ නගර වැසියන්ට තියෙන ප්රධාන ප්රශ්නය Boxtroll Monsters.
නගරයට යටින් තියෙන පොඩි කොලොනියක ජීවත් වෙන මේ Boxtroll Monster තමන්ගේ ඇග වටේ පෙට්ටියක් එල්ල ගත්ත විකාරරූපී පොඩි මිනිස්සු විශේෂයක්.මෙයාල කෑමට ගන්නේ පොඩි කෘමි සත්තු.වචන වැඩිය නැති භාෂාවක් පාවිච්චි කරන මෙයාල තමන්ව හදුන්වා ගන්නේ මොකක්හරි සරල නාම පදයකින්. නම මෙයාල ඇදගෙන ඉන්න බොක්ස් එකේ ඇදල තියෙනවා.බොකස්ට්රොල් ගැජට් වලට ආසයි.රෑට නගරයට හොරෙන් ඇතුල්වෙන මෙයාල හැම තැනම තියෙන කුනු අවුස්සමින් "ගැජට්"කෑලි හොයනවා.මේ අතර දවසක් රාත්රියේ පොඩි දරුවෙක්ව Boxtroll පැහැරගන්නව.මේ නිසා Boxtroll ලව විනාශ කරල දාන රාජකාරිය නගරයේ Exterminator "Archibald Snatcher(Actor Ben kinsley) බාරදෙනවා.ස්නැචර් මේක බාරගන්නේ තමන්ටත් "වයිට් හැට්"කෙනෙක් වෙන්න දෙනවයි කියන පොරොන්දුව මත.මේ අතර් boxtroll අතර හැදෙන පැහැරගත් දරුවා"Thrubshaw baby"  ලොකු මහත් වෙලා තමන් බොක්ස්ට්රොල් කෙනෙක් නොවන වග තේරුම් ගන්නව.ඊට පස්සේ එයා නගර වැසියන් හා මිශ් වීමට උත්සාහ කිරීමත්,snatcher ,boxtroll විනාශ කිරීමට දරන උත්සාහයත්,eggs සහ මිස් විනී පොර්ට්ලි රයින්ඩ් අතර ඇතිවන මිත්රත්වයත් දිගේ කතාව මිනිත්තු අනූ හයක් ගලාගෙන යනවා...
මම මුලිනුත් කීව වගේ මේක කැරැක්ටර් සේරම අතින් නිර්මාණය කරපුවා. හැම චරිතයකට ඔබින විදිහට ඇදුම් පැලදුම්,කොණ්ඩ විලාසිතා සියල්ල නිර්මාණකරුවන් අතින්ම තමයි හදල තියෙන්නෙ.ඒක හරි සියුම් කටයුත්තක්.නමුත් ඒක ඇත්තටම උපරිමයෙන් කරල තියෙනවා.

වොයිස් ගැන කතා කලොත් "ස්නැචර්" වොයිස් දෙන "බෙන් කින්ස්ලි"තමයි මූවි එක "රොක්"කරන්නේ. තරමට වොයිසින් "පිනොමිනල්".සමහර ලයින්ස් ඔහු ඇදල ගන්න විදිහෙන්ම මූවි එකට අමුතු ගතියක් දැනෙනවා."ස්නැචර්" අමතරව "මිස් ෆෘරූ ෆෘරූ"විදිහට දෙන වොයිසිනුත් අවුට්ස්ටෑන්ඩින්ග්..ඩිස්නි ජන්ගල් බුක් වල "බගීර" දෙන වොයිස් එකට වඩා ඇත්තටම මේකවේ බෙටර්”!!
අනික් හොදම වොයිස් එක දෙන්නේ "ලෝර්ඩ් පොර්ට්ලි රයින්" වොයිස් දෙන Jared Harris.මතක ඇති කාලෙක මනුස්සයගේ බලපු හොදම ඇක්ටින් එක මේක(වොයිස් වුනත්).එයිටාමතරව Nick Frost,Simon Pegg ,Dee Bradly Baker ගේ වොයිස් වලිනුත් මූවි එකට හොද එලියක් එනවා.IMDB රේටින්ග්ස් 6.8 අරන් තියෙන මේ මූවි එක ගිය අවුරුද්දේ ඔස්කාර් වගේම ගොල්ඩන් ග්ලොබ් වලත් හොදම ඇනිමේශන් ෆීචර් එක විදිහට නොමිනි වුනා. තරමට මේ මූවි එක හැම අතින්ම පර්ෆෙක්ට්.


කොච්චර ඇනිමේශන් බලල තිබුනත් මේ තරම් අපුරුවට විදපු එකක් මට ඇත්තටම මතක නැහැ..මොකද මේක ඒ තරම් සුපර්බ්!!!

2 comments:

  1. අඇනිමේෂ් කම්මැැියි

    ReplyDelete
  2. පලවෙනිම කොමෙන්ට් එක.....තෑන්ක්ස්.ඇනිමේශන් ඉතින් බලලම ඇඩික්ට් වෙන්න ඕන එකක් අටම්.මටනම් දැන් ඇගට පත්තියම් වෙලා

    ReplyDelete