Saturday, October 8, 2016

අර්ශඩ් ඇන්ඩ් සිෆන්



මේක මම කලින් කරපු බ්ලොග් එකකට ලියපු පොස්ට් එකක්. වෙනස් ආකාරයකට ලියුවේ ඒ රචනා විලාශයට ටිකක් ආස නිසා.ආයේ මේකෙ දාන්න හිතුනේ මේකේ පොඩි රහක් මටම දැනිච්ච හින්දා.......




මට එතරම් මිතුරන් නොසිටිය බැවින් සිටිය සහ සිටින කිහිප දෙනා ඉතා හොදින් මතකයේ  පැල පදියන් වී සිටී.සින්හල මෙන්ම දෙමල,මුස්ලිම්,බර්ගර් සහ විදේශික කිහිප දෙනෙකුද ඒ අතර වෙයි.ඔවුන් අතරින් අර්ශඩ් සහ සිෆන් මට කිසිදා අමතක නොවන චරිත දෙකකි.




මට සිෆන් හමු වූයේ "අකුරු තුනේ"ගල්කිස්ස අවන් හලේ සේවයට ගිය විටදීය.උස මුස්ලිම් කොල්ලෙකු වූ සිෆන් මුලදී මාව ප්‍රිය නොකලේය.නමුත් මාව පුහුනු වීමට  යොමු කෙරුනේ ඔහු සිටි "බර්ගර් ස්ටේශන්"එකටය.ඔහු මට බර්ගර් දමන සැටිද ෆ්‍රෙන්ච් ෆරයිස් දම්න සැටිද කියා දුන්නේය.ඔහු දක්ශයෙකු ලෙස අවන්හලේ හන්වඩු ගසා තිබු අතර"චැම්ප්" කාඩ් ගොන්නක හිමි කරුද විය.එවකට අවන්හල කලමනාකරු උනේශ් නිතර මා හරියට බර්ගර් දමනවාද කියා ඇස ගසා සිටි අතර,මම බර්ගර් දමනවාට වඩා වැඩිපුර අත අවන් එකට දවා ගත්තෙමි.මා සමග සේවයට බැදුනු මාගේ මිතුරාද මාව පල් කරමින් විනෝද විය.පසුව සිෆන් මා සමග මිතුරු විය.මමද ඉක්මනින්ම වැඩ ටික අල්ල ගත් අතරම හුස්ම ගන්නට පවා බැරි"පට්ට බිසි"දිනවල අපි තරගයට බර්ගර්,ස්නැක්ස්,සබ්මැරීන් සැදුවෙමු.

සිෆන්ට කිසිදාක "සැටර්ඩේ,සන්ඩේ"ලීව්නැතිවිය.හේතුව එවැනි කාර්යබහුල දිනවල අතරමග හිරවීමකින් තොරව ඉල්ලන ඕඩරය සැපයීමේ ඔහුගේ හැකියාව නිසාය.තත්පර අනූවක් තුල ඉල්ලන ඕඩරය සැපයීමට සාමාන්්‍යය "ෆාස්ට් ෆුඩ්"සම්ප්‍රදාය විය.මැනේජර්ට හොරෙන් චිකන් පොප් කෝන් සහ චීස් සහ ෆ්‍රෙන්ච් ෆරයිස් දැමු බර්ගර් කන සැටි මම ඉගෙන ගත්තේ සිෆන් ගෙනි.ඔහුට තිබූ කන්ටැක්ට් වලට පින් සිදු වන්නට අප කිහිප දෙන්ක්ම පිට කො‍ටුවෙන් පට්ට අඩුවට නොකියා ෆෝන් මිලදී ගත්තේය.ඔහු මගෙන් "ඒකොන්" ගේ ගීත හුවමාරු කර ගත් අතර ඔහු ලග තිබි ඒ ආර් රහුමාන් ගේ ටැමිල් ගීත මම ඉල්ලා ගත්තෙමි.අවන්හලෙන් අයින් වූ පසුද ඔහු මට කොල් කල අතර පසුව ඩුබායි බලා ගොස් තිබිනි.

මා රාජගිරියේ ටැක්සි කොම්පැනියේ සේවය කරද්දී අර්ශාඩ් මුන ගැසුනේය.අර්ශාඩ් අමුතුම ආකාරයේ චරිතයක් වූ අතර මම ඔහු ප්‍රිය කලෙමි.
මුස්ලිම් තරුනයෙකු වුවද පල්ලි යැම හේ ප්‍රිය නොකලේය.අනික් මුස්ලිම් පිරිවර සිකුරාදා"ජුම්මා" යද්දී ඔහු මාත් සමග කෝල් සෙන්ටර් එකට වී"ප්ලාන්ට් වර්සස් සොම්බී"සෙල්ලම් කලේය.
වරක් සිය සොයුරියගේ මගුල් ඇල්බ්මය පෙන්නා එහි සිටි අයෙකු නම් කලේ අමු කේලමකයැයි කියමිනි.නමුත් දිනපතා පල්ලින්ගොස් ප්‍රේ කරන්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ද යැයිද දිනපතා ප්‍රේ කිරීම නිසා ඔහුගේ නලල සුදු වී ඇති බවද ඔහු මට පැවසීය.වෙනකක් තබා තමාගේම මාමා පවා අමු කුහකෙයකු යයි ඔහු ම්ට කීය.අප සේවය කල කොම්පැනිය අර්ශාඩ් ගේ මාමගේය.

උදෙට නමයට දහයට පමන ඔහු හොදට ඇද පැලද අපේ ඔෆීසියට එයි.කැවද කියා අසා ලග තිබූ තේ කඩයට යයි.පාන්ද,පරිප්පු කරියක්ද ‍රැගෙන එන ඔහු උඩ ඩ්‍රයිවර් ලාගේ ක්වාටස් එකට ගොස් ලොකු විශාල තැටියක් ‍රැගෙන එයි.ඒ සමගම උඩ සිටි සියාන්ද රිෆයිද ඔහු සමග පහලට එයි.අපි ටී රූම් එකට ගොස් තැටිය මේසය උඩ තබාගෙන පරිප්පුව හලා පාන් අතින් කඩා ගන්නෙමු.මා සමග එකට සිටි කමිල්ද පාතරසයට සෙට් වෙයි.අපිද මුස්ලිම් කොල්ලන් සමගින් තරගයට තලු ගසමින් පාන් කන්නෙමු.කා අවසන් වී තැටිය නොසෝදා අපි එලියට ගොස් විසිරී යන්නෙමු.තේ හදන ඛාන් පසුව කාරුනික බාසාවෙන් අපගේ ආච්චිලාව අමතමින් තැටිය සෝදා තබයි.

අර්ශාඩ් නෑමට හොරය.ඔහු නෑවේ කලාතුරකින්ම දවසකය.නොනැමෙන් එන ගද නැති කර ගැනීමට ඔහු නිතරම විලවුන් ගැල්වීය.ඇතම් ඔහු ගල්වන සුවදට මගේ බඩ වැල්ද නලියයි.නොනැවාට කම් නැති බවත් ඔහුගේ ගතේ සොබාවික සුවද මේ සුවදවල් වලට වඩා දහස් ගුනයක් අපට දරා ගත හැකි බවත් මම දවසක් ඔහුට පැවසීමි.ඔහු දින කිහිපයක් මා හා උරනව සිටි අතර පසුව "ඩෙත් රේස්" බලන්නට විත් සුහද වීමි.එදවස "බ්ලක්බෙරි"ෆොන් දෙකක හිමිකරු වූ අර්ශාඩ් ඩ්‍රයිවින් වලටද හොද සමතෙක් විය.ඔහුත් මමත් වරක් ක්‍රයිස්ලර් කාරයෙන් නාවලට ගොස් කොත්තු කෑවෙමු.කා බී බලා පසුව කාරයේ දමා තිබූ සිල්ලර කාසිද එකතු කර බිල ගෙවීය.

සෙන් ජොසප් ගල්කිස්ස යැයි ෆේස් බුක් හි පාසල ලෙස දමා සිටි ඔහු පසුව මා සමග කීවෙ තමා ඔබේසේකර පුර පාසලකට ගිය බවය. දිනක් ඔහු ගෙදර යෑමට පිටකො‍ටුවට ගොස් බසයේ සෙනග වැඩි නිසා ආටා එකක මාතලේට ගොස් තිබිනි.පියා ත්‍රීවීල් ගාන ගෙවූ බවද ඔහුට තඩි බෑ බවද පසුව ආරන්චි විය,දින කිහිපයකට පසුව වැඩ්ට ආ අර්ශාඩ් සුදු වී සිටියෙන් මම මොකද උනේ යැයි ඇසීමි.



පියා තමාට ගුටි නෙලූ බවද,පසුව ටැන්කිය ලගට ඇද ගොස් පොල් ලෙලලක් දමා ඇතිල්ලු බවද,පැයක් නෑවූ බවද ඔහු මට කීය.නැතිවූ ටී ශර්ට් සහ මාල ආදිය නාන විට ඇගේ තිබී මතු නොවුනිදැයි අසමින් අපි සතියක් පමන ඔහුගෙන් ෆන් ගත්තෙමු.

No comments:

Post a Comment