Saturday, October 8, 2016

පලවෙනිම එක:The very first one


ආයෙමත් පාරක් බ්ලොග් එකක් පටන් ගත්තා.මේ මම පටන් ගත්ත තුන් වෙනි බ්ලොග් එක.කලින් පටන් ගත්ත දෙකම නිකම් අත්හදා බැලීමට වාගේ හදාපුව,ඒත් මට පිහිටල තියෙන සමහර පුරුදු වලට පින් සිද්ද වෙන්න එකක වත් හරියට දෙයක් ලිව්වෙ නෑ.ඒත් ලියන ආසාව හැමදාම හිතේ තිවුනා,බ්ලොග් ලෝකෙට අලුතෙන් එකතු වෙන බ්ලොග් කන්දරාවත් එක්ක අලුතෙන් මුල ඉදලම අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ආයේ ආයේ හිත කිවුවා.මේ ඒකේ කූටප්‍රාප්ත්‍රිය.


අවුරුදු විසි හයක විසි හතක ජීවිත කාලේ කරපු කියපු ආගිය දේවල් විතරක් නෙවේ සමහර විට අමුතුම විකාර දේවලුත් මම මේකෙ ලියයි.සමහර කට්ටිය කියවයි.නැත්තම්.....ඒ මොනා වුනත් මම දිගටම ලියනවා අප්පා.අඩුම තරමේ ඒකෙන් එකක් මම දවාල් වරුවේ "ලගා"ගහන වේලවෙන් හරි පොරෝජනයක් ඇති වැඩක් කෙරෙයි.

අනික ටිකක් හිතත් නිදහස් වෙයි.


ඉන්ට්‍රොඩක්ශන් එක හෙනම් මේ මදෑ!



දැන් ඉතින් ලියමු!!!

No comments:

Post a Comment