Monday, January 2, 2017

Assassin Creed 2016:Work in the Dark to Serve the Light

මේක මම බුකියේ ලියපු පොස්‍ටුවක්.එතනින් උස්සල මෙතනට දැම්මේ















කාලයක් තිස්සේ එනකල් බලාගෙන හිටපු මූවී එකක් ඊයේ රසවිදින ලැබුනා.'Assassin’s Creed මූවී එක.සැරින් සැරේ එලියට ආපූ ට්රේලර් කිහිපයත් එක්ක ගොඩ දෙනෙක් නොඉවසිල්ලෙන් හිටියේ මේකෙ කතාව කොහොම එකක් වේවිද කියල දැනගන්න.අනික මේකේ ප්රදාන චරිතය විදිහටතෝරගන හිටියෙත් හොලිවුඩ් වල ඉන්න ඔස්කාර් නොමිනි ඇක්ටර් කෙනෙක් වෙච්ච Michael Fassbender.ඒක නිසා ඔහුගේ රසිකයොත් නොඉවසිල්ලෙන් බලා හිටපු මූවී එකක් මේක.
යූබිසොෆ්ට් කොහොමත් තමන්ගේ ගේම්ස් වල කතාවලටම පැරලල් යන මූවීස් හදන්න පටන් අරන් ටික කාලයක් වෙනව.මතක විදිහට "ෆා ක්රයි"තමයි ඉස්සෙල්ලම ආවේ.ඊට පස්සේ"ප්රින්ස් ඔෆ් පර්සියා"ආවා."ටොම් ක්ලැන්සි ගොස්ට් රෙකන්"එකටත් විනාඩි විස්සක විතර ශොර්ට් මූවී එකකුත් එයාල නිෂ්පාදනය කලා.ඊට අමතරව මේ අවුරුද්දෙම තව "ටොම් ක්ලැන්සි මූවි එකක්"එලියට ආවා.ආරන්ච් විදිහට තව මූවිස් අටක් විතර ඉස්සරහට එන්න තියෙනවලූ.කොමික්ස් වලින්ෆිල්ම්ස් හැදුන විදිහටම ගේම්ස් වලින් මූවිස් හැදෙන ට්රෙන්ඩ් එකත් හොදටම නැගල යයි වගේ...

Assassin’s Creed මූවී එක හදන්නේ 2008 එලියට එන Assassin’s Creed ගේම් එක කතාව මුල් කරගෙන.වාර්තමානයේ ජීවත් වෙන මරන දන්ඩනයට නියමු වුනු අපරාද කාරයෙක් වෙච්ච Callum Lynch වස එන්නත් කරනව.ඔහුව මරා දානවා වෙනුවට කරන්නේ විශේෂ පරීක්ෂණයකට යොදා ගැනීම. Animus නම් යන්ත්රයකට සවි කෙරෙන Lynch ' ඔහුගේ ජාන මතකයන් ඔස්සේ 15 වන සියවසේ ස්පේන් වල ජීවත් වුන Aguilar නම් Assasin එක්ක සම්බන්ද කරනවා. Animus යන්ත්රයෙන් නිර්මානය කරන වර්චුවල් රියැලිට් එකක් තුල ලින්ච් ඇත්තටම Aguilar විදිහට ක්රියා කරනවා.මේ පරීක්ෂණය භාරව කටයුතු කරන Dr Sophia Rikken (Oscar winner Marion Cotillard) පස්සේ ලින්ච් කියනවා ඔවුන්ගේ සැබෑ  අරමුණ ලෝකයෙන් සම්පූර්නයෙන්ම ප්රචණ්ඩත්වය නැති කර දැමීම බවත් සදහා ස්පේන් සුල්තාන් භාරයේ තිබුන "ඇපල් ඔෆ් ඊඩ්න්"නම් යම්කිසි දෙයක් උවමනා කරන බවත්.මේ "ඇපල් ඔෆ් ඊඩන් "අන්තිමට සගවන්නේ Aguilar.ලින්ච්ව යොදාගෙන එය සොයා යෑමත් ලින්ච් ඊට දක්වන ප්රතිචාරත් ඔස්සේ අතීතය වරින් වර සම්බන්ද කරමින් කතාව ගලා යනව.
 මූවී එකේ මම දැකපු හොදම දේ තමයි රූප රාමු වල තිබුන සජීවී බව. Assassin’s Creed කතාවේ ප්රදාන සන්කේතයක් වෙච්ච උකුස්සව යොදාගෙන කතාව ආරම්භයේදීම පෙන්නන රූප රාමුව විශිෂ්ඨව නිර්මාණය කරල තියෙනව.3D බලද්දී මේක බොහොම හොදට දැනෙනවා.ඊට පස්සේ  ස්ටන්ස්.මේකෙ ස්ටන්ස් නම් කතා කරල වැඩක් නැති තරමටම තාත්විකයි.   Aguilarඉන්න 15 වන සියවසේ වගේම ලින්ච් ඉන්න 2016 සටන් දර්ශනත් ඇත්තටම එක විදිහට විශිෂ්ඨයි. Aguilar.ගේ ගොඩනැගිල්ලක උඩ ඉදල බිමට පනින "‍ෆ්රී ෆෝල්"එක අපිට ඇත්තටම දැනෙන තරමටම සජීවීයී.CGIවුනත් යොදාගෙන තිබ්බ විදිහ හරිම සාර්තකයි.විශේෂයෙන්ම Animus සම්බන්ද දර්ශන වලදී.
Aguilar ගේ Assin කොස්ටියුම් එකත් සම්පූරන් නිර්මාණයක්.හුඩ් එකත්,Assin Blade එකත් තාත්වික බවෙන් උපරිමයි..

Fassbender ඇක්ටින් ගැන කියල වැඩක් නැහැ.චරිත දෙකක් කලත් ඒ චරිත දෙකේම තියෙන වෙනස්  Personality ඒ විදිහටම  නිරූපනය කරපු විදිහ සුපිරිම සුපිරියි.Macbeth ට පස්සේ මම දැකපු හොදම චරිත නිරූපනය මේක. Marion Cotillard ගේ Dr Sofia විදිහට කරපු ඇක්ටිනුත් ඇත්තටම සාර්තකයි. Inception,The Dark Knight Rises දෙකේ කරපු ඇක්ටින් එක්ක බලද්දි නම් හොදටම හොදයි.සමහර සීන් වල තිබ්බ ඩයලොග් ඇක්ශන් මූවී එකකට එහා ගිය දෙයක් කියන්න ට්‍රයි කරනවා.හොද "කැචින් ඩයලොග්ස්"කිහිප තැනකම සාර්තකව යොදාගෙන තිබුනා..
ගේම් එකේ කතාව මූලිකව දිග ඇරෙන්නේ 15වන සියවසේ උනාට මේකේ වැඩිපුර තියෙන්නේ වර්තමානය. අනික් සාමජිකයන්ට සාපේක්ශව ගොඩනැගෙන්න දීලා තිබුන වෙලාව නම් මදි..Moussa ට හරි ටිකක් ඊට වඩා වෙලාවක් දෙන්න තිබුනා.Emirගේ කැරෙක්ටර් ඩිවෙලොප්මන්ට් අසාර්තකයි.කතාවේ අවසානය මීට වඩා වෙනස් විදිහකට වුනානම් මූවී එකට 10/10 දෙන්න තිබුනා.ඒත් අන්තිම දර්ශනයෙන් තව එකකට ඉගියක් දීලයි ඉවර වෙන්නේ....

කොහොම උනත් 2016 ඉවර වෙන්න කිට්‍ටුව බැලුවත් මටනම් මේක මේ අවුරුද්දට රීලීස් වුන හොදම ඇක්ශන්/ඇඩ්වෙන්චර් ෆැන්ටසි බයිස්කෝප් එක..

No comments:

Post a Comment